20 සම්මත වෙනවාට වඩා හානියක් මේ ආණ්ඩුව වැටුණොත් වෙනවා! ජාතියට කරන ලොකු ම හානිය එයයි! – වාසු

October 17, 2020 at 11:11 pm | by emanisa.lk

විසි වෙනි සංශෝධනයෙහි ඇතැම් වගන්තිවලට තමන් විරුද්ධ බව ඇමති වාසුදේව නානායක්කාර පවසයි.

ද්විත්ව පුරවැසි නීතිය ඉවත් කිරීම, විගණනකාධිපතිගේ බලතල අඩු කිරීම සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉවත් කිරීම පිළිබඳ කාරණාවලට තමන් එරෙහි බව ඇමතිවරයා පවසයි.

එහෙත් 20 වෙනි සංශෝධනයට ඡන්දය විමසන අවස්ථාවේ තමා අනිවාර්යෙන් ම ඊට පක්ෂව ඡන්දය ලබා දෙන බව ද හෙතෙම අවධාරණය කරයි.

අප ප්‍රථම සහ ද්විතීයීක අවශ්‍යතා අඳුනා නොගත හොත් මංමුලා වන බවත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට වඩා හානියක් මේ ආණ්ඩුව පරාජයට පත් වුවහොත් රටට වන බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

එහෙයින් රටට ජාතියට කරන ලොකු ම හානිය මේ ආණ්ඩුව බිඳ වැටෙන තැනට වැඩ කිරීම බව ද පෙන්වා දෙන වාසුදේව නානායක්කාර තමා හැම විට ම ආණ්ඩුව ආරක්ෂා කරන බවට සහතික වෙයි.

ද්විත්ව පුරවැසි නීතිය ඉවත් කරන්නේ බැසිල් රාජපක්ෂ නිසා යැයි තමා පෙර සිතුව ද දැන් තමන්ට එවැනි සැකයක් නැතැයි ද බැසිල්ට පාර්ලිමේන්තු පැමිණීමේ උවමනාවක් නැතැයි ද හෙතෙම පවසයි.

https://www.facebook.com/100625075078290/videos/630218574339863

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස