ආර්ථිකය ගොඩගන්න බැසිල්ට වඩා හොඳ මිනිහෙක් නෑ! – වාසු

October 22, 2020 at 12:58 pm | by emanisa.lk

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ නීතිය ඉවත් කරන්නේ බැසිල් රාජපක්ෂ වෙනුවෙන් නොවන බව ඇමති වාසුදේව නානායක්කාර පවසයි.

මෙයට පෙර තමා ද එවැනි වැරදි නිගමනයක සිටිය ද බැසිල් රාජපක්ෂ සමග කතා කළ පසු එය වැරදි බව අවබෝධ වූ බව ඇමතිවරයා පවසයි.

තමාට පාර්ලිමේන්තුවට පැමිණීමේ කිසිදු උවමනාවක් නැතැයි ඔහු තමා සමග අවධාරණයෙන් ප්‍රකාශ කළ බව ඇමතිවරයා පවසයි.

මේ රටේ ආර්ථිකය මෙහෙය වීමට බැසිල් රාජපක්ෂට වඩා හොඳ පුද්ගලයෙකු නොමැති බවත් පසුගිය කොරෝනා වසංගත සමයේ තමා ඔහු සමග ළඟින් කටයුතු කළ බවත් එකල මෙරට ආර්ථිකය ඉතා ම දක්ෂ ලෙස හැසිරවූයේ බැසිල් රාජපක්ෂ බවත් වාසුදේව නානායක්කාර වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස