ආණ්ඩුව19 වෙනස් කරන්නේ බැසිල් අගමැති කරන්න! – වෙල්ගම

August 10, 2020 at 10:11 pm | by emanisa.lk

තමන් කිසිදු දිනක පොදු ජන පෙරමුණට හෝ රාජපක්ෂලා සිටින තැනකට හෝ නොයන බව කළුතර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ කුමාර වෙල්ගම පවසයි.

ඔහු මේ අදහස් පළකළේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව කළුතර ජනතාව කුමාර වෙල්ගම පිළිගැනීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

තව දුරටත් අදහස් දැක්වූ කුමාර වෙල්ගම කියා සිටියේ මෙවර ඡන්දය ගණන් කිරීම සිදු කරනු ලැබුවේ දිනකට පසුව බැවින් සමහර අපේක්ෂකයින් ඒ සම්බන්ධයෙන් සැකයෙන් සිටින බවත් ආණ්ඩු පක්ෂය තුළින්ම ඒ පිළිබඳව චෝදනා මතුවෙමින් පවතින බවත්ය. ඒ සම්බන්ධයෙන් සත්‍ය ජනතාවට ඉදිරියේදී දැන ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර 20 ගෙනවිත් ද්විත්ව පුරවැසිභාවය ඇති බැසිල් රාජපක්ෂ මහතාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහුට ඊළඟ අගමැති පුටුව ලබාදීමට කටයුතු කරන බවත් කුමාර වෙල්ගම අදහස් දක්වමින් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස