20ට අත උත්සන්න ආණ්ඩුවේ සුළු පක්ෂවලින් කොන්දේසියක්?

September 13, 2020 at 8:38 am | by emanisa.lk

යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් නොවන ප්‍රධාන වගන්ති තුනක් ඊට ඇතුළත් කළ යුතු යැයි රජයේ හවුල්කාර පක්ෂ ගණනාවක් විසින් යෝජනා කිරීමට යයි.

මේ සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ නම් සඳහන් නොකළ ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයෙක් කියා සිටියේ එම කරුණු ඇතුළත් නොවේ නම් මෙම සංශේධනය සඳහා සහාය දීම ගැන නැවත සලකා බැලීමට සිදුවන බවය.

කැබිනට්ටුවේ අමාත්‍ය මණ්ඩලය 30කට සීමාකර තිබූ වගන්තිය නැවත ඇතුළත් කිරීම, ද්විත්ව පුරවැසියන්ට මහ මැතිවරණයට තරග කිරීමට ඉඩ සැලසෙන වගන්තිය ඉවත් කිරීම සහ ජාතික විගණන කොමිසම ස්ථාපිත කෙරෙන වගන්තිය නැවත ඇතුළත් කිරීම එම යෝජනා තුන බව ඔහු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධව ඉදිරියේදී ජනාධිපති, අගමැති සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කරන බවද හෙතෙම වැඩිදුරටත් අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස