ගං වතුරට කැඩුණු යාපනේ මහ පාළමක් හමුදාව එක රැයින් සාදයි!

December 7, 2019 at 5:41 pm | by emanisa.lk

යාපනය දිස්ත්‍රික්කයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කීරිමලෙයි හා පොන්නාලෙයි බී 75 ප්‍රධාන මාර්ගයේ පිහිටි පාලම කඩාගෙන යාම හේතුවෙන් අඩාල වූ ගමනාගමන කටයුතු එක් රැයක් තුළදී යථා තත්ත්වයට පත් කිරීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබල පිරිසක් කටයුතු කළහ.

මාණිප්පායි කුසුමන්තුරෙයි ප්‍රදේශයේ පිහිටි මෙම පාලම අඩි 30 ක් දිගින් හා අඩි 15 ක පළලකින් යුක්ත වූ අතර පාලම ඊයේ (06) සවස වැසි ජලයට කඩාගෙන යාම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූරණයෙන්ම අඩාල වී තිබුණි.

මේ පිළිබඳව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරියට ප්‍රදේශවාසින් විසින් දැනුම් දීමෙන් පසුව එම අවස්ථාවේම ක්‍රියාත්මක වූ ආඥාපති 10 වන ඉංජිනේරු රෙජිමේන්තුවට හා 16 වන ස්වේච්ඡා ගැමුණු බලැණියට හැකි ඉක්මණින් පාලම යථා තත්වයට පත් කිරීමට උපදෙස් ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස