මැති ඇමතිලාට ආදර්ශයක් දෙමින් ඇමති සාගල ගඟට පනී! ජනතාව සමග කරට කර නිල්වලා ගඟ පිරිසිදු කරයි! (video)

May 27, 2019 at 10:37 am | by admin

නිල්වලා ගඟට එකතු වී ඇති කැළි කසළ ඉවත් කිරීමේ වැඩසටහනක් පරගල පාළම අසල දී ඊයේ (26) ප්‍රදේශවාසී ජනතාවගේ සහභාගීත්වයෙන් පැවති අතර ඇමති සාගල රත්නායක ද ඒ ජනතාව සමග ගඟට බැස ගඟ පිරිසිදු කිරීමේ කාර්යයට සම්බන්ධ විය.

මෙම නිරිත දිග මෝසම් සමයේ ඇද හැළෙන වැසි සමග ගං වතුර තත්ත්වයන් ඇති වන හෙයින් එහි බලපෑම අවම කිරීම සඳහා ගංගා ඇළ දොළ පිරිසිදු කර ජලය හොඳන් ගලා බැස යන්නට සැලැස්වීම ඉතා යහපත් කාර්යයකි.

මීට පෙර ජනතාව සමග එකතු වී මෙවැනි කටයුතු සිදුකළේ නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම පමණි. ඔහු අලි නෑවීම, ළිං සුද්ද කිරීම, ගස් කැපීම ආදී බොහෝ කටයුතු කළේය.

කෙසේ වුවද එකල ඇමති සරත් ෆොන්සේකා පැවසුවේ තෙවරප්පෙරුම ඇමති ධුරයේ වැඩකටයුතු හැර අනිත් සියල්ල කරන බවය. ඇමති ධුරයේ වැඩකටයුතු හොඳින් කිරීමට හොඳ වාහනයක් උවමනා යැයි කෝටි පහමාරක නවතම සුපිරි රියක් ගෙන්වා ගත්තේ ෆොන්සේකාය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *