පෙර රජ දවස මෙන් දිය සුරකින අනඟි සැලසුමක්! කැලණි ගඟේ පිටාර දිය උමඟින් මහ වැලියට! කොළඹ ගං වතුරින් නියං සායෙන් දැවෙන උතුර අස්වද්දයි!

February 25, 2020 at 1:59 pm | by emanisa.lk

කැලණි ගඟේ අතිරික්ත ජලය ගිනිගත්හේන ප්‍රදේශයෙන් මහවැලි ගඟට හැරවීම සඳහා මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උමඟක් ඉදිකිරීමට රජය තීරණය කර ඇත.

කැලණි ගඟේ ජලය පිටාර ගලන කාලයට මෙලෙස උමඟක් මාර්ගයෙන් මහවැලි ගඟට හැරවීමට නියමිතය. උමඟේ දිග කිලෝමීටර් 06ක් වෙයි. නොටර්න් බ්‍රිජ් ප්‍රදේශයෙන් උමඟ ආරම්භ වෙයි.

වාර්ෂිකව ඝන මීටර් මිලියන 200ක් පමණ මහවැලි ගඟට මුදාහැරීමට මෙමගින් බලාපොරොත්තු වෙයි. කොළඹ ගංවතුර පාලනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස