අපේ ශාසනික සම්පත් විනාශ වෙමින් තිබෙනවා. දැන් මඩකලපුව දිස්ත්‍රික්කය ඇතුළේ බුද්ධ ප්‍රතිමා 100 කට වැඩිය අප දැනුම්වත්ව තලලා කුඩු කරලා විනාශ කරලා තියෙන බව මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන ස්වාමීන් වහන්සේ පැවසූහ.
මේවා කවුද කරන්නේ කියලා හොයලා බලපුවහම ඇත්තටම ප්‍රධාන වශයෙන් කටයුතු කරන අන්තවාදී කණ්ඩායම් විසින් තමයි ඒවා විනාශ කරන්නේ. ඉතින් ඒකට දැන් අපි වෙලාවකදී හිතුවා මේ ද්‍රවිඩ ජනතාව මේක කරනවා කියලා. ඉතින් එහෙම නෙමෙයි. මේකට අන්තවාදී මුස්ලිම් සංවිධානත් මැදිහත් වෙලා මේ ප්‍රතිමා තලන කුඩු කරන වැඩ වන බවද උන්වහන්සේ කීහ.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ස්ථාපිත කරන ලද බෞද්ධ හිමිකම් පිළිබඳ හිමිකම් සභාවේ සාක්ෂි විමසීම පසුගිය (28) මඩකලපුව ශ්‍රී මංගලාරාම රජ මහා විහාරයේදී සිදු විය. එහිදී සාක්ෂි දෙමින් අම්පිටියේ සුමනරතන හිමියෝ මේ බව කීහ. මෙහිදී කොමිසමේ සාක්ෂි විමසීම හිටපු හමුදාපති දයා රත්නායක, ශාන්ති කුමාර හෙට්ටිආරච්චි, හිටපු මිනුම්පති මයිකල් ද සිල්වා, මහාචාර්ය මාලනී ඇදගම , හිටපු බුද්ධ ශාසන ලේකම් ඇම්. කේ බී. දිසානායක, හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු විය.
ඒ වගේම තමයි මඩකලපුව දිස්ත්‍රික්කයේ බෝධීන් වහන්සේලා 63 නමක් කපලා තියෙනවා මම දැනුවත්ව. එයින් බෝධීන් වහන්සේලා තුන්නමක් රැක ගන්න මම මහපාරේ නිදා ගෙන ඉඳලා තියෙනවා. ඒ වෙලාවේ මට පුළුවන් තරම් අපහාස කළා. බලධාරීන් නිලධාරීන් හැම කෙනෙක්ම මඩකළපුවේ හාමුදුරුවෝ සැර පරුෂයි, දුශ්ශීලයි, ප්රචණ්ඩකාරීයි එයා පිස්සෙක් වගේ නටනවා කියලා. නමුත් ඒක නෙමෙයි ඇත්ත කතාව. මේවා කපන කොට අපිට බලන් ඉන්න බැරි නිසා මේවා වළක්වා ගන්න අපි ගත්ත උත්සාහයවල් තමයි තියෙන්නෙ කියන එක මට කොමිෂන් සභාවට පැහැදිලි කළ යුතුයි.
බෞද්ධ සම්මේලනයේ ගරු සභාපතිතුමන් ඇතුළු කොමිෂන් සභාවේ සියලුම නිලධාරි මහත්වරුන් ඇතුළු හැම දෙනාටම ප්‍රථමයෙන් පුණ්‍යානුමෝදනා කරමින් මඩකළපුව ශ්‍රී මංගල විහාරස්ථානයේ මේ කොමිෂන් සභාව පවත්වලා බුද්ධ ශාසනයේ විශේෂයෙන්ම මේ නැගෙනහිර පළාතේ ශාසනික සහ වැදගත් අවශ්‍යතාවන් සම්බන්ධයෙන් පරීක්ෂණයකට ලක් කිරීම සම්බන්ධයෙන් අපි ස්තූතිවන්ත වෙනවා. යම් විදියකින් අප රට තුළ මේ ශාසනික සම්පත් සහ විශේෂයෙන්ම මේ නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කය වගේ පළාත් වල සිංහල බෞද්ධ උරුමයන්ට සිදු වෙලා තිබෙන පරිහානිය කෙටියෙන් සරලව කියලා ඉවර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඈත දිගු ඉතිහාසෙක ඉඳලා මේ මුළු නැගෙනහිර පළාතෙම උතුරු පළාතෙම අපේ තිබිච්ච ශාසනික සම්පත් විනාශ වෙලා තිබෙන බව මම හිතන්නේ මේ විද්වත් සභාව හොඳටම දන්නා කාරණයක්. අපිට ඒ ඈත ඉතිහාසෙට නොයා වර්තමාන දශක තුනක හතරක ඉතිහාසෙට ගිහින් බලන කොට අපේ ඉතිහාසයේ අපිට අහිමි වෙච්ච දේවල්වලට වඩා වර්තමානයේ ගෙවුණු කාල වකවානුව තුළ අහිමි වෙච්ච ජාතික සම්පත් සහ ශාසනික සම්පත් මෙපමණයි කියා කියන්න පුළුවන් කමක් නැහැ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත