බෝට්ටුවෙන් රටට කොරෝනා රිංගයි? නාවික හමුදාව ආරක්ෂාව දැඩිකරයි!

April 10, 2020 at 3:49 pm | by emanisa.lk

මෙරට මුහුදු සීමාවේ ආරක්ෂාව තර කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා පැවසුවේ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කළ බවය.

ශී‍්‍ර ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව එක්ව දෙරටේ මුහුදු තීරයන් දැඩි පරීක්ෂාවකට ලක් කරන බව ද නාවික හමුදාපතිවරයා පවසයි.

ඒ සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ද සහය හිමිව ඇති බව නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දකුණු ඉන්දියාවේ සිට ධීවර කටයුතු සඳහා පැමිණෙන පුද්ගලයින් මෙරටට ඇතුළු වීමේ ඉඩකඩක් පවතින බැවින් මෙම කි‍්‍රයාමාර්ග ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස