බෙදුම්වාදී සිංහල විරෝධයට රාජ්‍ය අනුග්‍රහය! යාපනේදී සිංහල භාෂාව දෙවන තැනට වැටෙයි!

October 17, 2019 at 9:40 am | by emanisa.lk

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී සිංහල භාෂාවට දෙවැනි තැනට ඇද දමා තිබේ.

යාපනය ගුවන් තොටුපළේ පුවරුවල මුලින්ම දෙමළ භාෂාවෙන් දක්වා ඇති අතර දෙවැනියට සිංහලෙන් හා තෙවැනියට ඉංග‍්‍රීසියෙන් දක්වා ඇත. මේ ගැන බොහෝ දෙනාගේ විමතිය පළ වී තිබේ. මෙම ක්‍රියාව නතර කිරීමට ආණ්ඩුව කිසිදු මැදිහත්වීමක් නොකිරීම ද විශේෂත්වයකි.

කෙසේ නමුත් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දිනයේ විවෘත වීමට නියමිතය. එහි න්‍යාය පත්‍රයේ ජාතික ගීය ගැයීම ද ඇතුළත් කර නොමැත.

ප‍්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව පලාලි ගුවන් තොටුපළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස නම් කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස