උතුරට ජාත්‍යන්තර ගුවන්තොටක් වෙයි! දැවැන්ත ගුවන්යානා හසුරුවන්න පුළුවන්!

July 8, 2019 at 10:14 am | by emanisa.lk

පලාලි ගුවන් තොටුපොළේ සිට ඉන්දියාව ඇතුළු ආසියා කලාපයේ රටවලට ලබන සැප්තැම්බර් මාසයේ සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.

අගෝස්තු මාසයේ පළමුවැනි සතියේදී ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් කලාපීය වශයෙන් සිවිල් ගුවන් සේවා ආරම්භ කිරීම මෙම සංවර්ධන ව්‍යාපෘතියේ මූලික අරමුණය.

ඉන්දියාවේ මුම්බායි, හයිද්‍රාබාද්, කොචින්, බැංග්ලෝර් ගමනාන්ත දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

යාපනය පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනයට දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2250 ක් වන අතර රජයෙන් රුපියල් මිලිනය 1950 ක් ඉන්දීය ආධාර වශයෙන් රුපියල් මිලියන 300 ක් ද මේ සඳහා යොදවනු ඇත.

ව්‍යාපෘතිය අදියර තුනක් යටතේ ක්‍රියාත්මකය.

එහි පළමු අදියර යටතේ දැනටමත් ගුවන්යානා මෙහෙයුම් කටයුතු සඳහා භාවිතයට ගැනෙන ප්‍රධාන ධාවන පථයෙහි මුල් මීටර් 950 අලුතින් ඇතිරීමට නියමිතය.

ව්‍යාපෘතියේ තෙවන අදියරේදී ප්‍රධාන ධාවන පථයේ මුළු දුර වූ කිලෝමීටර් 2.3 ක් දක්වා සම්පූර්ණයෙන්ම ඇතිරීම සිදු කිරීමට නියමිත අතර එම අදියර සම්පූර්ණ කිරීමෙන් පසු ඒ – 320 හා ඒ- 321 වැනි ගුවන්යානා හැසිරවීමේ හැකියාව ද ලැබෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස