පලාලි ජාත්‍යන්තර ගුවන්තොට විවෘත කරන්න ජනපති අගමැති යාපනේට! දෙමළ ජාතික සන්ධානය උළෙලේ ජාතික ගීය ගැයීම තහනම් කරයි!!

October 16, 2019 at 3:30 pm | by emanisa.lk

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හෙට (17) ජනපති හා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබුණත් එම විවෘත කිරීමේ උත්සවයේ න්‍යාය පත්‍රය තුළ ජාතික ගීය ගායනා කිරීමක් නොමැති බව වාර්තා වෙයි.

ඊට විකල්පයක් ලෙසින් ජාතික කොඩිය උත්සවය ආරම්භවීමේදී පටන් ඔසවා තැබීමට නියමිත බවත් වාර්තා වෙයි.

ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ අවස්ථාව ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේද ජාතික ගීය ගායනා කිරීමක් සිදු නොවුණි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන රැගත් හෙලිකොප්ටරය ගුවන් හමුදා කඳවුරට ගොඩ බෑමෙන් අනතුරුව ජනපතිවරයා පැමිණ ගුවන් තොටුපොළ විවෘත කිරීමට නියමිතව තිබේ.

වර්තමාන ආණ්ඩුව දෙමළෙන් ජාතික ගීය ගායනා කිරීම ආරම්භ කළේ එවිට දෙමළ ජනතාව ජාතික ගීය ගයනා කරන බව සඳහන් කරමිනි. ඒ සඳහා දෙමළ ජාතික සන්ධානය ද අනුබල දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස