යාපනය සහ තමිල්නාඩුව අතර ගුවන් ගමන්!

January 24, 2019 at 12:48 pm | by admin

යාපනය පලාලි ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමට රජය රුපියල් බිලියන දෙකක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ. මෙයට අදාළ කැබිනට් පත්‍රිකාව උතුරු පළාත් සංවර්ධන අමාත්‍යංශය මගින් සකසා තිබේ. එම අමාත්‍යංශය පවතින්නේ අගමැතිවරයා යටතේය. අදාළ අමාත්‍යංශය අගමැතිවරයා යටතේ තබා ගැනීම දෙමළ සන්ධානය ආණ්ඩුවට සහාය දැක්වීමේ දී ඉදිරිපත් කළ කොන්දේසියකි.

මෙම ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමට පෙර පැවති රජය කාලයේ ඉන්දියාව ඉදිරිපත් වුවද එය ක්‍රියාත්මක වූයේ නැත. කෙසේ වුවද කලාපීය ගමනාන්ත කිහිපයක් සඳහා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ඉදිරියේ දී මෙය ජාත්‍යන්තර ගුවන්තොටුපළක මට්ටමට දියුණු කිරීමට ඉන්දීය ආධාර ලබා ගැනීමට නියමිතය. අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉන්දියාවේ ඇතැම් නගර සහ පලාලි අතර ගුවන්ගමන් සිදු වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *