බැසිල් ජනාධිපති වෙනවාමයි! නැත්නම් විධායක අගමැති වෙනවා! – ඉන්දික තොටවත්තගෙන් අනාවැකියක්…

March 22, 2019 at 6:02 pm | by admin

බැසිල් රාජපක්ෂ මිය යාමට පෙරට අනිවාර්යයෙන්ම මෙරට ජනාධිපතිවරයා හෝ විධායක අගමැතිවරයා වන බව ජ්‍යෙතිෂවේදී ඉන්දික තොටවත්ත පවසයි.

විධායක ජනාධිපති තනතුර පැවතුණහොත් ඔහු ජනාධිපති වන බවත් විධායක අගමැති තනතුරක් පැවතුණහොත් ඔහු විධායක අගමැති වන බවයි ඉන්දික තොටවත්ත පවසන්නේ. මෙය 2020ට අදාළ නොවිය හැකි වුවත් මිය යාමට දිනකට පෙර හෝ සිදුවන බව තොටවත්තගේ අදහසය.

එපමණක් නොව මෛත්‍රීපාල සිරිසේන ගැලරි ටෝක්කාරයකු වුවද නැවත ජනාධිපතිවරණයට තරඟ කළහොත් ඔහු නැවත ජනාධිපති විය හැකි බව ද පවසයි.

ඔහු ටික කලකට පෙර ප්‍රකාශ කළේ 2017 ජනවාරි 27 වෙනි දිනට පෙර 2010 වසරේ පොදු අපේක්ෂකයා වූ හිටපු හමුදා ප්‍රධානියා රට අතහැර යන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස