බලය වෙනුවෙන් සම්බුද්ධ ශාසනය යොදා ගන්නේ නෑ! හකීම්ලා මනෝලා එක්ක සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරනවා!- පාඨලී

March 2, 2020 at 10:17 pm | by emanisa.lk

බොහෝ කලකට පසු එජාප සභාවක් පන්සිල් ගෙන සර්වාගමික වතාවත් සිදුකර ආරම්භ කර ජාතික ගීය ගායනා කර විසිර ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවක පවසයි.

ඔහු මෙසේ පැවසුවේ අද (02) සමගි ජන බලවේගය සෙසු පක්ෂ සමග ගිවිසුම් අත්සන් කළ උත්සවව පිළිබඳ අදහස් දක්වමිනි.

මෙම බලවේගය රටේ උතුරු දකුණු බටහිර නැඟෙනහිර ආදී සියලු ඉසව් නියෝජනය කරන අලුත් සබුද්ධික සුහුරු තරුණ පරපුරට තෝතැන්නක් බව හෙතෙම පෙන්වා දෙයි.

මුළු රටම එකතු කරගත් නව ජාතිකවාදයක් නව දේශප්‍රේමයක් ගොඩනඟන බවත් බලය උදෙසා සම්බුද්ධ ශාසනය යොදා ගැනීමේ අදහසක් තමන්ට නොමැති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

අන්තවාදයට ත්‍රස්තවාදයට තමන් විරුද්ධ බවත් උසස් ගණයේ ජාතිකවාදයක් වෙනුවෙන් රවූෆ් හකීම්, මනෝ ගනේෂන්, මංගල සමරවීර, රිෂාඩ් බදියුදීන් සමග තමන් පෙනී සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

මේ රටේ සුරක්ෂිත වී පවතින නිර්මල බුදුදහම සුරක්ෂිත කර අනාගතයට රැගෙන යාම තම බලවේගයේ අරමුණ බව ද පාඨලී රණවක කීවේය.

සිරස අලුත් දවස වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස