සතියක් ඇතුළත හෙළ උරුමය නැවතත් පුපුරා යයි! තවත් පළුවත් පාඨලී පතුරු හරිමින් ගෝඨාට එකතු වෙයි! (video)

November 8, 2019 at 8:32 am | by emanisa.lk

ජාතික හෙළ උරුමය සතියක් ඇතුළත නැවතත් දෙකඩ වී එහි කොටසක් නිවහල් ජාතික හෙළ උරුමය යනුවෙන් නව සංවිධානයක් පිහිටුවා ගෙන තිබේ.

එම පිරිස එළඹෙන ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට සහාය ලබා දීමට තීන්දු කර තිබේ.

පසුගිය සතියේ ද විකල්ප හෙළ උරුම යනුවෙන් කොටසක් වෙන් වී ගෝඨාභය රාජපක්ෂට සහාය ලබා දීමට තීන්දු කළේය. 2015 වසරේ හෙළ උරුමයෙන් කැඩී ගොස් පිවිතුරු හෙළ උරුමය බිහි විය.

අන්තවාදය නියෝජනය කරන රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, සුමන්දිරන්, අසාද් සාලි එකතු වී සිටින අපේක්ෂකයා දිනවීමට සිය පක්ෂ ප්‍රතිපත්ති අනුව කටයුතු කළ නොහැකි බව නිවහල් ජාතික හෙළ උරුමය පෙන්වා දෙති.

පසුගිය සිව් වසර පුරා තමන් මහත් පසුතැවීමෙන් සිටි බවත් රට දැය වනසන බලවේග සමග ජාතික හෙළ උරුමය එකතු වී ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

පන්සල්වලට ලක්ෂ 4-5 බැගින් බෙදුවද පසුගිය වසර 4 තිස්සේ භික්ෂූන් වහන්සේට දිගින් දිගටම පහර දුන් බවත් ගෝඨාභය රාජපක්ෂ යටතේ නිදහසේ භික්ෂූන් වහන්සේලාට ජීවත්විය හැකි වනු ඇති බවත් ඔවුහු අවධාරණය කරති. එහෙයින් ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය උදෙසා තමන් කටයුතු කරන බව නිවහල් හෙළ උරුමය පවසති.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස