රු. 320ක් අහිමි කරමින් පැරදුනු අමාත්‍යංශ 2ට බිලියන 287කට අධික පරිපූරකයක්! භාණ්ඩාගාරයෙන් මුදල් නොගන්නා පාඨලීගේ අමාත්‍යංශයටත් මුදල් වෙන් කරයි!

April 3, 2019 at 2:54 pm | by admin

පසුගියදා පාර්ලිමේන්තුවේදී පරාජය වූ අමාත්‍යංශ වැයශීර්ෂ වෙනුවෙන් රුපියල් බිලියන 287කට වැඩි පරිපූරක ඇස්තමේන්තුවක් අද (03) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

කෙසේ වුවද අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ අදාළ වැය ශීර්ෂ පරාජය කිරීම නිසා අහිමි වූයේ රු. 320ක් පමණක් බවය.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සහ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ දෙකේ වැය ශීර්ෂ දෙක ඉකුත් 28 වැනිදා පැවැති පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදය ඡන්ද විමසීමේදී විපක්ෂය විසින් පරාජය කරනු ලැබීය.

නාගරික සංවර්ධන අධිකාරිය මහ භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් නොගන්නා නිසා වැය ශීර්ෂ පරාජයට පත්වීම ගැටලුවක් නොවන බව පාඨලි චම්පික රණවක පැවසීය. කෙසේ වුවද මෙම පරිපූරක ඇස්තමේන්තුව මගින් ඔහුගේ අමාත්‍යංශයට ද මහ භාණ්ඩාගාරයන් මුදල් වෙන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස