ගැටුම් චෝදනා එල්ල කර පොහොට්ටුව සමතලා කරන්න ආණ්ඩුව සූදානම්!

May 18, 2019 at 6:08 pm | by admin

වයඹ පළාතේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ පසුගිය සතියේ සිදු වූ කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා කටයුතු නොකළේ යයි බොරු චෝදනා නඟා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්, උපසභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් දඩයම් කිරීමෙි සැලසුමක් හෙළි වී තිබේ.

ඒ අනුව හෙට්ටිපොළ, කුලියාපිටිය, බිංගිරිය, මිනුවන්ගොඩ, කටාන ආදී ප්‍රාදේශීය ස්ථානවල මන්ත්‍රීවරුන් මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිත බව සඳහන් වේ.

කලහකාරී ලෙස හැසිරුණු පිරිස පාලනය නොකිරීම, ගිනි නිවීම සඳහා අදාළ පළාත් පාලන ආයතනවල සේවකයන්, බවුසර් ආදිය ලබා නොදීම ආදී චෝදනා මත ජාතිවාදී ගැටුම් ඇති කිරීමට ආධාර, අනුබල දීම යටතේ ඔවුන්ට එල්ල කිරීමට යෝජිත චෝදනාය.

මෙම පිරිස අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් ඔවුහු මහජන නියෝජිතයන් ලෙස ලබාදෙන දිවුරුම් දීම කඩ කළ බව සඳහන් කරමින් ඔවුන්ගේ මන්ත්‍රීධුර අහෝසි කර පොදුජන පෙරමුණ දුර්වල කිරීම මෙම සැලසුමේ අවසාන අරමුණ බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස