පොහොට්ටුවේ මීළඟ නායකයා බැසිල්….! විමල් නිකං පිං ඇමැතියෙක්….! ඔහුට වඩා සාගර වැඩ්ඩෙක්….! – මහින්ද පතිරණ….

February 20, 2021 at 11:37 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ නායකයා ලෙස තමා තෝරන්නේ එම පක්ෂයේ නිර්මාතෘ අමාත්‍ය බැසිල් රාජපක්ෂ බව ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සලකුණ වන පොහොට්ටුව ලකුණ බැසිල් රාජපක්ෂ අඳින ලද්දේ ඔහු සිරගත කර සිටිය දී බවත් ඔහු පවසයි.

විමල් වීරවංශ කථිකයෙක් පමණක් බවත් දේශපාලඥයකු නොවන බවත් පවසන ඔහු ‘විමල් පිං ඇමති කෙනෙක්’ යැයි ද කියා සිටී.

විමල් වීරවංශට බැසිල් රාජපක්ෂ සමග ගැටුමක් ඇතැයිද පවසන ඔහු විමල් වීරවංශට වඩා සාගර කාරියවසම් පොහොට්ටුවේ බර ඇද්ද බවද සඳහන් කළේය.

රාජපක්ෂ පවුලෙන් තොර දේශපාලන පැවැත්මක් විමල්ට නොමැති බවත් ඔහුට කිසිදු දේශපාලන සංවිධාන හැකියාවක් නොමැති බවත් මහින්ද පතිරණ අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස