ආණ්ඩුවේ පිරිසක් 20 විරුද්ධ බැසිල් අගමැති වෙයි කියලා බයේ! – රංජිත් කීර්ති තෙන්නකෝන්

October 20, 2020 at 10:10 am | by emanisa.lk

විසි වෙනි සංශෝධනයට එරෙහිව රජය තුළින් ම මතුවන විරෝධය ප්‍රතිපත්තිමය විරෝධයක් නොව එහි ඇත්තේ ඒ අයගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව වැඩකිරීමක් පමණක් බව දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සිංහල සේවයට පවසයි.

“විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග ඇතුළු මේ ජාතිකවාදී පිරිස දැන් බයවෙලා තියෙනව බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට එන එකට. එයා අවොත් එයා තමයි ඊළඟ අගමැතිවෙන්නේ.

බැසිල්ට ඕන බල කේන්ද්‍ර හදන්න එයා රිෂාඩ්ව, මනෝලව (මනෝ ගනේෂන්) හකීම්ලාව ඇතුළු සියලුම දෙනාව එකතුකරගෙන ඉදිරියට යන්න දන්නා කෙනෙක් එහෙම උනොත් විමල්ලාගේ බලය හා වටිනාකම හීන වෙනවා එකට ඒ ජාතිකවාදීන් කැමතිනෑ.

බැසිල් රාජපක්ෂගේ අවශ්‍යතාව ඊළඟට පළාත් සභා බලය ලබා ගෙන දෙවන හා තෙවන පෙළක් නිර්මාණය කරලා තමන්ගේ දේශපාලන අනාගතය ස්ථාවරව ගොඩනඟා ගැනීමයි. එසේ කිරීම තුළින් තමන්ගේ වැදගත්කම ගිලිහී යාම පිළිබඳව මෙම කණ්ඩායම් බියට පත්ව සිටින බවයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස