පසුගිය ආණ්ඩුව සංවර්ධන නිලධාරීන් කළ සඟරුවනට නිසි තැන! භික්ෂූන් වහන්සේලා දැයට ඇස් පාදන්න ගුරු සේවයට යොමු කෙරේ!

January 13, 2020 at 1:40 pm | by emanisa.lk

සංවර්ධන නිලධාරීන් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර සිටින භික්ෂූන්වහන්සේ ගුරු වෘත්තියට අනුයුක්ත කිරීම සඳහා කැබිනට් තීරණයක් ගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

සිරි මහා විහාර වංශාලංකාර සද්ධර්ම වාගීෂ්වරාචාර්ය ශ්‍රී සුමනතිස්ස ගෞරවය නාමය සහිතව බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයට පත් පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද ස්වාමීන්වහන්සේට උපහාර දැක්වීමේ උත්සවයේදී අග්‍රාමාත්‍යරයා මේ බව සදහන් කළේය.

වාද්දූව කොරොස්දූව පුරාණ වජිරකොත් මහා විහාරයේදී එම උත්සවය පැවැත්විණි.

අභිනව ප්‍රධාන සංඝනායක ධුරයට පත් පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද ස්වාමීන්වහන්සේ වෙත විජිනිපත පිළිගැන්වීම සිදුවූයේ ශ්‍යාමෝපාලී මහා නිකායේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස