පලාලි ගුවන්තොටුපළේ වී ගබඩා කරන්න වෙයි! ගුවන්ගමන් තවමත් නෑ!

November 8, 2019 at 4:14 pm | by emanisa.lk

මෑතකදී විවෘත කළ යාපනය ගුවන් තොටුපොළ හරහා අද (8) දිනයේදීත් පරික්ෂණ ගුවන් ගමන් ධාවනයක් සිදුකිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරීය කටයුතු කර තිබේ.

ඒ අනුව රත්මලාන ගුවන් තොටුපොළින් ගමන් ආරම්භ කරන ගුවන් යානයක් පෙ.ව. 9.20ට යාපනය ගුවන් තොටුපොළේ ගොඩබස්වා නැවතත් පැයකට පමණ පසුව එම ගුවන් යානය ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපොළ වෙත ගමන් කිරීමට නියමිතය තිබේ.

පසුව එම ගුවන් යානය නැවතත් ඉන්දියාවේ සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැය කිහිපයකින් පමණ පසුව පියාසර කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අද දිනයේදීත් වාණිජ ගුවන් ගමනක් සිදුනොවෙයි. ගුවන් යානා ධාවනයට සුදුසු යැයි තහවුරු නොකර විවෘත කළ ලොව පළමු ගුවන්තොටුපළ පලාලි ගුවන්තොටුපළ බව ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙයි.

මෙම ගුවන්තොටුපළ කඩිමුඩියේ විවෘත කළ ඉදිකිරීම් අවසන් නොමැති බවට සහ ජාත්‍යන්තර ගුවන්යානා ධාවනයට සුදුසු මට්ටමක නොමැති බවට වාර්තා පළවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස