මත්තල වී ගබඩා කරන්න මම පෞද්ගලිකව මැදිහත් වුණේ නෑ! ඒ කමිටුවේ හිටියේ මගේ ලේකම්ලා!- රනිල්

October 24, 2019 at 8:22 am | by emanisa.lk

මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීම සඳහා තමා පෞද්ගලික මැදිහත්වීමක් නොකළ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබා දෙමින් ඊයේ (23) පැවසීය.

එහිදී රජයේ අධිනිතීඥවරයා විසින් වී ගබඩා කිරීම නිසා ගුවන් තොටුපළ අවභාවිතාවට ලක්වූ බව අගමැතිවරයාගෙන් විමසා සිටි අතර ඒ පිළිබඳ සාක්‍ෂි ලබා දෙමින් අගමැතිවරයා පැවසුවේ නුසුදුසු ස්ථානයක මෙම ගුවන්තොටුපළ ඉදිකිරීම නිසා එය අවභාවිතයට ලක් වී ඇති බවය.

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරියා වූ අජිත් ඩයස් මහතා කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දෙමින් අගමැති කාර්යාලයේ චරිත රත්වත්තේ කතා කර කියූ නිසා ගුවන් තොටුපළේ වී ගබඩා කිරීමට අවස්ථාව දුන් බව ප‍්‍රකාශ කර තිබේ.

ඒ පිළිබඳ සාක්‍ෂි ලබාදෙමින් අගමැතිවරයා ප‍්‍රකාශ කර සිටියේ වී ගබඩා කිරීම සඳහා පත් කළ කමිටුවේ කටයුතුවලට චරිත රත්වත්තේ පාස්කරලිංගම් වැනි ලේකම්වරුන් සහභාගි වුවත් ඒ සඳහා තමන් මැදිහත් නොවූ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස