දැන් රට යථා තත්ත්වයට පත්වෙලා! කතෝලික ජනතාවට පල්ලි යන්න ඉඩදෙන්න! – අගරදගුරුතුමා..

June 7, 2020 at 5:19 pm | by emanisa.lk

රට නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන නිසා පවතින නිරෝධායන නීති යටතේ දේවස්ථාන වෙත පැමිණී‍මේ අවස්ථාව කිතුණු බැතිමතුන්ට ලබාදෙන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා රජයෙන් ඉල්ලයි.

කොරෝනා වසංගතය පිළිබඳ දැනගත් වහාම දෙව්මැදුරු වසා දමා එය පාලනය කිරීම සඳහා ලබා දිය හැකි උපරිම සහයක් ලබා දුන් කිතුණු ජනතාවට, නැවත වතාවක් රට යථාවත් වෙමින් පවතින අවස්ථාවේ දෙව් මැදුරුවලට එකතු වීමට අවස්ථාව ලබා දෙන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව ද කොළඹ අගරදගුරුතුමා පැවසීය.

දෙව් මැදුරු වසා දැමූ දින පටන් යාඥා කටයුතු කිරීමට නොහැකිව දේවස්ථානවලට යාමට මහත් ආශාවෙන් සිටින කිතුණු බැතිමතුන් වෙනුවෙන් නිරෝධායන නීති යටතේ ඒ සඳහා අවස්ථාව ලබා දෙන ලෙස තමන් රජයන් ඉල්ලා ඇතැයි ද අගරදගුරුතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස