මහ සඟරුවන පෙරටු කරගත් බෞද්ධයන් රට වෙනුවෙන් මහා පරිත්‍යාගයක! ඉතිහාසයේ ප්‍රථම වරට පුන්පෝදා පන්සල තනිවෙයි! (video)

April 7, 2020 at 11:46 pm | by emanisa.lk

වසර දෙදහස් ගණනක ඉතිහාසයේ ප්‍රථම වරට බෞද්ධයන්ට අද (07) පන්සල් නොයා නිවසේම දාන සීල සමාධි ආදී ගුණදම් පුරමින් කටයුතු කිරීමට සිදුවිය.

ඒ රට පුරා කොරෝනා රෝග තත්ත්වය පැතිර යාමේ අවධානම නිසා බක්පොහෝ දිනදා පන්සලට නොපැමිණ නිවෙස්වලට වී ආගමික කටයුතුවල නිරත වන ලෙස මහා සංඝ රත්නය විසින් බෞද්ධයන්ට දැනුම් දීම නිසාය.

මේ නිසා වෙනත් පුන්පොහෝ දිනවල බෞද්ධ ජනතාවගෙන් පිරී ඉතිරි යන රුවන්මැලිසෑය, දළදා මැදුර, කැලණි විහාරය, නාග විහාරය, හුනුපිටිය ගංගාරාමය වැනි ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථාන පමණක් නොව ගමේ පන්සල ද පාළුවට ගියේය.

මෙය සෙසු ආගමික කොටස් ද ආදර්ශයට ගතයුතු සද්ක්‍රියාවක් බව බොහෝ දෙනාගේ අදහසය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස