තිස්සට මහනුරින් නාමයෝජනා දෙන්න කිරිඇල්ල විරුද්ධයි! හැමදාම ග්‍රහයා නීච තිස්ස ජාතික ලැයිස්තුවට විසිවෙයි!

March 18, 2020 at 6:56 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ සිට සමගි ජන බලවේගයට අවසානයේ එකතු වූ හිටපු ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලගේ දැඩි විරෝධය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයකු වන තිස්ස අත්තනායකට නාමයෝජනා නොලැබී ඇත.

තිස්ස අත්තනායක සමගි ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්‍රික්කයට ඉදිරිපත් වීමට නියමිතව සිටියේය. ඔහු සමගි ජන බලවේගයේ ආරම්භක සාමාජිකයෙක්ද වෙයි.

ඔහුට නාම යෝජනා ලබාදීමට හිටපු ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල දැඩි ලෙස විරෝධය පළකිරීම නිසා තිස්ස අත්තනායකට සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක ධුරය පිරිනමා ඇත.

තවද තිස්ස අත්තනායකගේ නම ජාතික ලැයිස්තුවට එක් කර තිබේ. හරීන් ප්‍රනාන්දු ද මේ වන විට එම ජාතික ලැයිස්තුවට එකතු වී ඇත.

එජාපයෙන් ඉවත් වී පොදුජන පෙරමුණට සමීපව දේශපාලනය කළ තිස්ස අත්තනායක ජනාධිපතිවරණය ආසන්නයේදී සජිති ප්‍රේමදාසට සහාය පළකළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස