ජේසු සමිඳු මරණින් නැඟීම සමරන පාස්කු ඉරිදා අදයි! වේදනාත්මක මතක සමග ජනතාව නිවෙස්වලම පාස්කුව සමරයි!

April 12, 2020 at 10:26 am | by emanisa.lk

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණීන් උට්ඨානය ලැබීම සමරන පාස්කු ඉරිදා දිනය අද (12) යි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ උට්ඨානය හෙවත් මරණයෙන් නැගී සිටීම සිහි කිරීම පාස්කු මංගල්‍යයේ දී සිදුකෙරෙයි.

දින 40ක චතාරික සමය ගෙවන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් ආගමික වතාවත්වල යෙදෙමින් සිට අද මෙම මංගල්‍යයට එක් වෙයි.

පාස්කු දින මංගල්‍ය මේ රටේ කිතුනු බැතිමතුන්ගේ‍ සොඳුරු ආගමික මතකයක් වුවත් පසුගිය වසරේ එය ඉතා වේදනාත්මක එකක් බව පාස්කු මංගල්‍ය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

අදටත් එහි කම්පනය මැකී ගොස් නැති බවත් රජයේ කැපවීම වේදනාවට පත් ජනතාවට සාධාරණය ඉටු කිරීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එසේම එවන් සිදුවීම් නැවත මාතෘ භූමියේ සිදු නොවන තැනට වගබලා ගැනීම සඳහා රජය දැඩිව වග වී සිටින බවද ජනාධිපතිවරයා විසින් නිකුත් කළ පාස්කු දින පණිවිඩයේ සඳහන් වෙයි.

රටත්, ජනතාවත් අතිශය අභියෝගාත්මක සෞඛ්‍ය තර්ජනයකට මුහුණ පා සිටින මේ මොහොතේ රජයේ සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස්වලට අවනතව නිවෙස්වල සිට ජේසු සමිඳාණන් වෙනුවෙන් කැප වෙනු ඇතැයි රජය බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පවසයි.

ජේසුස් වහන්සේගේ දේශනා සිහි කරමින් මනුෂ්‍යයා පාපයෙන් මුදා ගැනීමට සියලු දෙනාට හැකි වේවා යැයි ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කර සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස