ජනාධිපතිවරණය ආසන්නයේ බෝම්බ පුපුරුවා ප්‍රතිඵල උඩුයටිකරු කරන සැලසුමක්!

November 7, 2019 at 1:21 pm | by emanisa.lk

ජනපතිවරණය ඉලක්ක කර ගනිමින් ඉදිරි සතියේදී බෝම්බ පිපුරුමක් සිදුවිය හැකි බවට තමන්ට යම් පුද්ගලයෙකු ට්විටර් පණිවිඩයකින් දන්වා ඇති බවත් මේ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙසත් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසයි.

හරීන් ප්‍රනාන්දු,අජිත් පී පෙරේරා යන ඇමැතිවරුන්ටද එම ට්විටර් පණිවිඩය ලැබී තිබෙන බවද එම පණිවිඩය නිකුත් කළ තැනැත්තා ආරක්ෂක මණ්ඩලය කැඳවන්නැයිද ඉල්ලීමක් කර තිබෙන බවද ඉරාන් වික්‍රමරත්න සඳහන් කරයි.

ඔහු මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර පොලිස්පතිවරයාටද මේ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙස දන්වා ලිපියක් යොමුකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස