ජනපති ඇමති පෞද්ගලික කාර්ය මණ්ඩලවල 700ක් ස්ථිර කිරීමේ සූදානමක්! යන මෛත්‍රී කොරහත් බිඳගෙනම යයි!

November 11, 2019 at 11:40 am | by emanisa.lk

ජනාධිපතිවරයා, කැබිනට්, කැබිනට් නොවන, රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවල සේවය කරන 700ක් පමණ වූ පිරිසකගේ සේවය ස්ථිර කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ.

සම්බන්ධීකරණ ලේකම්වරු, මාධ්‍ය ලේකම්වරු, කාර්යාල කාර්ය සහායක, පෞද්ගලික සහකාර, පර්​යේෂණ සහකාර නිලධාරීන් ස්ථිර කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල සංදේශය අමාත්‍ය වජිර අබේවර්ධන විසින් ඉදිරිපත් කර ඇත.

එය අද (11) පෙරවරු 1.00ට පැවැත්වීමට නියමිත බව අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ද ඒ හා සමාන අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින් ජනාධිපති පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් තිදෙනකු ස්ථිර කිරීමට අනුමැතිය ඉල්ලා ඇත.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී ඒකනායක, ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් මියුරු භාෂිත සහ සම්බන්ධිකරණ ලේකම් ඒ.එස්. ජයවික්‍රම යන අය විවිධ තනතුරුවල ස්ථිර කිරීම සඳහා මෙලෙස අනුමැතිය ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයා විශ්‍රාම යන විට මෙම නිලධාරීන් තිදෙනා වසර 05ක සේවා කාලය සම්පූර්ණ කර නොමැති බැවින්, වසර 05ක් සේවා කාලය සම්පූර්ණ කළ බව සලකා අනුමැතිය ඉල්ලා තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහභාගි වන අවසන් අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පැවැත්වෙන බැවින් මෙම අමාත්‍ය මණ්ඩල සංදේශ දෙකටම අනුමැතිය ලැබෙනු ඇතැයි රජයේ ආරංචිමර්ග සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස