ජනතා අධිකරණය ඉදිරියේ ගෝඨා පරදන්න ජනතාව සූදානම්! – චමීර පෙරේරා

October 6, 2019 at 7:17 am | by emanisa.lk

තාක්ෂණික කරුණු පාදක කරගෙන අධිකරණයේ දී ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීමට වඩා ජනතා අධිකරණය හමුවේ ඔහු පරාජය කිරීම ජනතා අභිලාෂය බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි.

අද අධිකරණය ස්වාධීනව කටයුතු කරන බව විපක්ෂය ද පිළිගෙන ඇති බවත් 2015 ලද ජයග්‍රහණය ඒ සඳහා හේතු වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඇමරිකාව මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීමට කටයුතු කරමින් සිටින බව ද වෘත්තීය සමිති නියෝජිතයන් හමු වී ඔහුට සහාය ලබා දෙන ලෙස ඇමරිකානු නියෝජිතයන් ඉල්ලා සිටින බව ද හෙළි කළ චමීර පෙරේරා ඇමරිකානු විරෝධී පොහොට්ටු නායකයන් මේවා නුදුටු ආකාරයට සිටින බවට ද චෝදනා කළේය.

ඊයේ (05) හැටන්හි මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස