සිංහල කතුන් වඳ කරන බව හෙළි කිරීම ජාතිවාදයට ආගම්වාදයට උඩගෙඩි දීමක්! මේ පජාත වැඩ කරන කැලෑ පත්තරකාරයෝ අත්අඩංගුවට ගන්න ඕන! – චමීර පෙරේරා (video)

May 26, 2019 at 3:28 pm | by admin

ෂාෆි ෂිහාබ්ඩීන් නම් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා තමා විසින් සිසේරියන් සැත්කමට ලක් කළ සිංහල කතුන් 4000ක් වඳභාවයට පත් කළේ යැයි වාර්තා කිරීම චේතනාන්විතව ජාතිවාදය ආගම්වාදය වෛරය අවිශ්වාසය ඇති කිරීම සඳහා ගෙතූ බොරුවක් බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි.

මෙවැනි පහත් වැඩ කරන්නේ ජාතික පුවත්පත් නොව කැලෑ පත්තර බවත් මේවා ජාතික වැඩ නොව පජාතික වැඩ බවත් පවසන චමීර පෙරේරා මේ වගේ පහත් වැඩ කර මුදල් ඉපයීම නරක බවත් පවසයි.

කෙටිකතාවක් ලිවීම නිසා තරුණ සාහිත්‍යවේදියකු අත්අඩංගුවට ගත් ආණ්ඩුුව මෙවැනි බරපතළ වරදක් කළ පුවත්පතේ කතුවරයා මෙන්ම වාර්තාකරුවා ද අත්අඩංගුවට ගත යුතු බව අවධාරණය කරයි.

මෙම පුවත්පත් කටයුතු කරන්නේ ත්‍රස්තවාදීන් ලෙස බවත් මෙමගින් පහර දී ඇත්තේ සිංහල බෞද්ධ පවුල්වල බලාපොරොත්තුවට බවත් සමාජ ක්‍රියාකාරිනී ප්‍රියදර්ශනී දයාරත්න පවසයි. එහෙයින් මේ පිරිස එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ඇය පෙන්වා දෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස