ගෝඨා එක්ක ඉන්නේ පිළිවෙළට වැඩ කරන රොබෝලා! පොදු ජනතාව ඉන්නේ සජිත් එක්ක! – චමීර පෙරේරා (video)

August 13, 2019 at 5:31 pm | by emanisa.lk

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග සිටින්නේ රොබෝලා බවත් සැබෑ පොදුජනතාව සිටින්නේ සජිත් ප්‍රේමදාස සමග බවත් ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි.

අගෝස්තු 11 වෙනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට සුදු ඇඳගෙන ඉතාම පිළිවෙළට කලින් සූදානම් කරගත් ආකාරයට ආරාධනා ලැබ පැමිණ කටයුතු කළේ ආරාධිත රෝබෝලා බවත් ගෝඨාභයට උවමනා ඒ ආකාරයට තමා දෙන අණ පිළිපදින පිරිසක් බවත් ඔහු පවසයි.

එහෙත් ඊට පසුදා සජිත් ප්‍රේමදාස පිළිගැනීමට පොදුජනතාව බදුල්ලට පැමිණි බව ඒ ජනතාව එකම පාටකින් ඇඳ නොසිටි බවත් ඔවුන් නැඟිටින්න කී විට නැඟිටින්නේ නැති බවත් කොඩිය වනන්න කී විට කොඩිය නො වනන බවත් ඔහු පවසයි.

ඔවුන් කෑ ගැසුවේ වැඩ කළේ පොදු ජනතාව ලෙස බව ද හෙතෙම පෙන්වා දෙයි..

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස