ජනතාව මට පොළොන්නරුවේ අනාගතය භාරගන්න කිව්වා! – මෛත්‍රී

February 17, 2020 at 2:16 pm | by emanisa.lk

ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගොස් නිදහසේ ඉන්නට සිතූ තමන්ට පොළොන්නරුවේ අනාගතය භාරදීමට කෙනෙකු නැති නිසා එය භාරගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අනතුරුව පාර්ලිමේන්තුවට පැමිණියේ නම් තමන්ට පැමිණීමට නොහැකි ඇයි දැයි ඒ ජනතාව ප්‍රශ්න කළ බව ද ඔහු සඳහන් කළේය.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ආරාධනා කළ ද හිටපු ජනාධිපතිවරයකු ලෙස එය තමන්ට අවනම්බුවක් නිසා මෙවර පොළොන්නරුවේ ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට තීන්දු කළ බවත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස