ගෝඨා ජනපති කළ මහ සඟරුවන නොනැවතී පෙරටම! බුද්ධිමත් දේශප්‍රේමී පාර්ලිමේන්තුවක් උදෙසා නායකයන් ද තෝරති! (video)

February 10, 2020 at 1:43 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනපතිධුරයට පත් කිරීමට සිය ජන්දය භාවිත කරන ලෙස නොබියව සිය දායකයන්ට පැවසු කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ ඉදිරි පාර්ලිමේන්තුවට රට දැයට හිතවත් පිරිසක් යැවීම උදෙසාද කැපවන බව අනුරාධපුර, ලෝලුගස්වැව ධර්මගවේශී අසපුවේදී පැවසූහ.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන වෛද්‍ය මහාචාර්ය චන්න ජයසුමනට ඉහළම මනාප ලබා දෙන ලෙස උන්වහන්සේ රැස්ව සිටි දොළොස්දහසකට අධික උවැසි උවැසියන්ට අනුශාසනා කළහ.

චන්න ජයසුමන රුවන්මැලි සෑ රඳුන්ට භාර කළ බවත් ඔහුගේ ජයග්‍රහණයට ආශීර්වාද කරන බවත් උන් වහන්සේ සඳහන් කළ අතර පැමිණ සිටි උවැසි උවැසියෝ සාධුකාර දුන්හ.

ඉදිරි මැතිවරණය හොඳ පුද්ගලයන් දිනවීමට මෙන්ම නරක පුද්ගලයන් ඉවත් කිරීමටද යොදා ගන්නා ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියහ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස