ලසන්ත වික්‍රමතුංග මැරුවේ සරත් ෆොන්සේකා! – සොහොයුරා නවී පිල්ලේට පැමිණිලි කරයි…

April 10, 2019 at 9:22 pm | by admin

සිය සොහොයුරු සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වගකිව යුත්තේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා බව ප්‍රකාශ කරමින් ඔහුගේ සොහොයුරා වන ලාල් වික්‍රමතුංග සිය මිතුරකු මාර්ගයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවී පිල්ලේ වෙත ලිපියක් මගින් පැමිණිලි කර තිබේ.

ලාල් වික්‍රමතුංග නවී පිල්ලේ වෙත ඉදිරිපත් කළේ 2013 වසරේ දීය. එහෙත් මේ පිළිබඳ විමර්ශනයක් කිරීමට මානව හිමිකම් කොමසාරිස්වරිය කටයුතු කළ බවක් වාර්තා වන්නේ නැත. එම පැමිණිල්ල ඉදිරිපත් මේ වන විට වසර 6ක් ඉක්මවා ගොස් තිබේ.

2009 වසරේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය වූ අවස්ථාවේ එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද එජාප මන්ත්‍රී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා ද එය සරත් ෆොන්සේකා යටතේ ක්‍රියාත්මක වන සන්නද්ධ කල්ලියක් විසින් කළ ඝාතනයක් බවට චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *