මදූෂ්ලා බිහි කළේ ජවිපෙයි! මදූෂ්ගේ තාත්තාගේ විතරක් නෙමේ මදූෂ් මැරුණත් මම ඒ මළ ගෙදරත් යනවා!

February 8, 2019 at 5:36 pm | by admin

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල සාමාජිකාවක් වූ මදූෂ්ගේ මව 1988 භීෂණය අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් නිවස ඉදිරිපිට වෙඩි තබා ඝාතනය කළ බවත් අනතුරුව පියා වෙන විවාහයක් කරගත් නිසා මදූෂ් හදා වඩා ගත්තේ ඥාතීන් විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පවසයි.

එහෙත් සිය සාමාජිකාවගේ පවුලේ දරුවන් ගැන එදා ජවිපෙ සොයා නොබැලූ බවත් එසේ කළේ නම් අද මදූෂ් කෙනෙකු බිහි නොවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි. මදූෂ්ලා නිර්මාණය වූයේ ජවිපෙ භීෂණය සහ එජාප ආණ්ඩුව තරුණ නැගිටීමට ප්‍රතිචාර දැක්වූ ආකාරය විසින් යැයි ඔහු චෝදනා කරයි.

මදූෂ්ගේ පියාගේ මළ ගෙදරට තමා සහභාගී වූයේ සිය ගමේ තමන් සමග ජීවත් වන ඥතීන් හිතවතුන් නිසා බවත් මදූෂ් යම් දවසක මැරුණ ද තමන් ඒ මළ ගෙදර ද යන බවත් මන්ත්‍රීවරයා පවසයි.

තමා ගියේ මදූෂ්ගේ මගුල් ගෙදර නොවන අතර මදූෂ්ගේ මැර ක්‍රියා සහ පතාළ කටයුතු ඔහුගේ වැඩක් බවත් මනුස්සකම තමන්ගේ බවත් හෙතෙම පෙන්වා දෙයි.

එසේම සිය පෞද්ගලික ව්‍යාපාරය පිළිබඳ අසත්‍ය චෝදනා කළ රංජන් රාමනායකට ද පිළිතුරු දුන් මන්ත්‍රීවරයා එම අසත්‍ය ප්‍රචාරය දියත් කළේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බවට ද චෝදනා කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස