කො⁣රෝනා රෝගීන් 17ක් හමුවෙයි! මතුගම ගම් තුනක් ලොක්ඩවුන්!

October 18, 2020 at 7:52 pm | by emanisa.lk

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මාන වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ දක්වා එම ගම්මාන ඇසුරෙන් කොරෝනා වෛරසය ආසාදිතයින් 17 දෙනෙකු සොයා ගෙන ඇති බවයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

මේ අතර කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි පල්ලේවෙල, ඌරුපිටිය, ගයියාල සහ ඇන්නරුව යන ගම්මාන 04 තුළ සංචාරණ සීමාවන් පැනවීම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ආරක්ෂක අංශවල සහාය ඇතිව තීරණය කොට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස