බ්‍රැන්ඩික්ස් පොකුර ආරම්භ වුණේ විදේශයක සිට පැමිණි අයෙකුගෙන්? – හමුදාපති

October 16, 2020 at 9:34 am | by emanisa.lk

බ්‍රැන්ඩික්ස් පොකුරේ මූලාශ්‍රය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිදුකෙරෙන වැඩිදුර පරීක්ෂණ කටයුතු තව දුරටත් ක්‍රියාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

මුලාශ්‍රය සම්බන්ධයෙන් මේ වන විට සිදුකරන පරීක්ෂණ දිශා කිහිපයක් කෙරෙහි යොමුවී ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ මේ වන විට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව විදේශ රටවල සිට පැමිණි අයෙකුගේ ආශ්‍රිතයෙකුගෙන් කොරෝනා වෛරසයේ බ්‍රැන්ඩික්ස් පොකුර ආරම්බ වී ඇති බවට සැක පළ කරන බවයි.

ඒ අනුව අදාළ තොරතුරු ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නිශ්චිතව අනාවරණය කෙරෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මේ අතර බුද්ධි අංශ බ්‍රැන්ඩික්ස් පොකුරේ පැතිරීම වැළැක්වීම සඳහා ඉදිරියට ආසාදනය විය හැකි පුද්ගලයන් සොයමින් ඔවුන් ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලියක නිරතව ඇති බව ද එහිදී සඳහන් කළා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස