කොරෝනා පාලනය කළ රටවල් අතර ලංකාව 10 වැනි තැනට..! ඉන්දියාවට සහ ඇමරිකාවට පිළිවෙළින් 86 සහ 94 වැනි ස්ථාන…!

January 28, 2021 at 9:17 am | by emanisa.lk

කොවිඩ් වසංගතය වඩාත් සාර්ථකව කළමනාකරණය කළ රටවල් අතුරින් ශ්‍රී ලංකාවට 10 වන ස්ථානය හිමි වී තිබේ.

ඒ ඕස්ට්‍රේලියානු අධ්‍යයන ආයතනයක් වන ලෝවි ආයතනය විසින් සිදුකල සමීක්ෂණයකට අනුව ය.

එක් එක් රටවලින් වාර්තා වන කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව, මරණ ගණන සහ සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව වැනි කරුණු පදනම් කරගෙන මෙම වාර්තාව සකස් කර තිබේ.

ඊට අනුව පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ නවසීලන්තයයි. දෙවන ස්ථානය වියට්නාමයට ද, 03 වන ස්ථානය තායිවානයට ද, 04 වන ස්ථානය තායිලන්තයට ද, 05 වන ස්ථානය සයිප්‍රසයට ද හිමිවී තිබේ.

රුවන්ඩාව 06 වන ස්ථානයේත්, අයිස්ලන්තය 07 වන ස්ථානයේත්, ඕස්ට්‍රේලියාව 08 වන ස්ථානයේත්, ලැට්වියාව 09 වන ස්ථානයේත් පසු වෙයි.

රටවල් 100ක් පමණ යොදා ගනිමින් සිදුකළ මෙම අධ්‍යයනයට අනුව අමෙරිකාවට ලැබී ඇත්තේ 94 වන ස්ථානයයි. ඉන්දියාව 86 වන ස්ථානයට පත්ව තිබේ.

කෙසේ වෙතත් චීනය මෙම අධ්‍යයනයට දායක කරගෙන නොමැති අතර ඊට හේතුව චීනය විසින් තහවුරු කළ දත්ත ප්‍රමාණවත් පරිදි ලබා නොදීමය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස