ජනගහනයෙන් 80%කට කොරෝනා එන්නත දෙන්න ඕන! ආණ්ඩුව අයවැයෙන් එන්නතට සතයක් වෙන්කර නෑ! – විජිත

December 16, 2020 at 2:08 pm | by emanisa.lk

කොවිඩ් 19 මැඩපැවැත්වීමට අවශ්‍ය එන්නත් ගෙන්වා ගැනීම සඳහා රජය මෙවර අයවැයෙන් කිසිම මුදලක් වෙන් නොකිරීම කනගාටුවට කරුණක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 20%ක් සඳහා එන්නත් නොමිලේ ලබාදීමට එකඟත්වය පළ කර ඇතත් ජනගහනයෙන් 80%කට පමණවත් එන්නත ලබාදිය යුතු යැයි ඔහු සඳහන් කරයි.

එහෙයින් ඉතිරි 60% සඳහා එන්නත ගෙන්වා ගැනීම සඳහා රජය ⁣වැඩපිළිවෙළක් සකස් කරගත යුතු බවත් ලබන අවුරුද්දේ එය ගෙන්වීමට අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන මෙවර අයවැයෙන් වෙන් කර නැති බවත් හෙතෙම කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *