කෑගල්ලේ කොරෝනා ඖෂධය වතුපිටිවල රෝහලේ පරික්ෂා කළේ නෑ! අනවශ්‍ය ලෙස විශ්වාස කරන්න එපා!

December 13, 2020 at 8:02 am | by emanisa.lk

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් කොරෝනා වෛරසය මැඩලීම හඳුන්වා දී ඇති ඖෂධය වතුපිටිවල රෝහලේ දී නිල වශයෙන් පරීක්ෂා කර නැතැයි රජයේ වෛද්‍ය ධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරන්නේ එම රෝහල් අධ්‍යක්ෂවරයා ඒ බව සනාථ කරන බවයි.

එහි දී සිදු වුයේ ඇතැමකුගේ පෞද්ගලික උවමනාවට වූ දෙයක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය ද ඔහු සඳහන් කළේ ය.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ප්‍රතිඵල එනතුරු මූලික සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බවද ඔහු පැවසීය.

අනවශ්‍ය ලෙස මේ මත විශ්වාසය තබා සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු නොකරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස