ෆයිසර් එන්නත නිසා දෙන්නෙක් මැරිලා! කෑගල්ලේ පැණියෙන් කිසිවෙක් මළේ නෑ! මැරෙන්නෙත් නෑ! – වාසු

December 17, 2020 at 4:37 pm | by emanisa.lk

කොරෝනා මර්දනය සඳහා එංගලන්තයේ භාවිත කරන ෆයිසර් එන්නත හේතුවෙන් ආසාත්මිකතා නිසා දෙදෙනෙකු මියගොස් ඇතැයි දැනගන්නට ලැබී ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කරයි.

තවම එම එන්නත් ඇත්තේ පරයේෂන මට්ටමේ පවතින නිසා අප ප්‍රවේශම් විය යුතු බවද ඔහු පැවසීය.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිෂ්පාදනය කළ පැණිය භාවිත කරන ලද කිසිවකු මේ වන තෙක් මියගොස් නැති බවත් පැණි පානය කලාට මිය යන්නේ ද නැති බවත් ඇමැතිවරයා කීය.

නමුත් එන්නත් සම්බන්ධයෙන් ඇති විශ්වාසය අඩු කර ගෙන නැති බවත් ඒවා නියම පරිදි සංවර්ධනය විය යුතු බවත් ඇමතිවරයා කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස