පවිත්‍රාට පුළුවන් හොද්දේ ලුනු බලන්න විතරයි! කොරෝනා බේත් ගැන එයා දන්නේ නෑ! – අනුර..

December 25, 2020 at 1:15 pm | by emanisa.lk

කොරෝනා වසංගතය පාලනය කරගත නොහැකි ආණ්ඩුව පැණි පිළිබඳ නාටක ඉදිරපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

කොරෝනා වසංගතය මර්දනය හමුවේ ආණ්ඩුව අසාර්ථක වනවිට එම අසාර්ථකත්වය වසා ගැනීම සඳහා කොරෝනා පැණි නාටකයක් සමාජය ඉදිරියේ පෙන්වමින් සිටින බවත්, එම නාටකය නරඹන ජනතාව රටේ සැබෑ ප්‍රශ්න අමතක කරමින් සිටින බවත් ඔහු අවධාරණය කරයි.

රටපුරා නැවතත් වසංගතය සීග්‍රයෙන් පැතිර යන පසුබිමක් තුළ වගකිව යුතු ආණ්ඩුවක් නම් කළ යුත්තේ මෙම වෛරසය මැඩපැවැත්වීම සඳහා එන්නත් ආනයනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වුව ද සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු ආණ්ඩුවේ වගකිව යුතු පුද්ගලයන් පැණියක් බදාගෙන සිටින බවට ඔහු චෝදනා කරයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට වෛරස් ගැන හෝ වෛරස් මර්දනය කරන ඖෂධ සම්බන්ධයෙන් හෝ පවතින දැනුම කුමක්ද යන්න ප්‍රශ්න කරන අනුර දිසානායක පවසන්නේ ඇයට හොද්දක රස බලා ලුණු වැඩිද මදිද යන්න පිළිබඳව පැවසිය හැකි නමුත්, ඖෂධවල ගුණ අගුණ පිළිබඳව මත පළකිරීමට හැකියාවක් තිබිය නොහැකි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස