අන්තර්ජාලයේ පැතිරෙන දේශීය කොරෝනා ඖෂධ වට්ටෝරු අත්හදා බැලීම භයානකයි! – දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යංශය

December 14, 2020 at 10:11 pm | by emanisa.lk

කොවිඩ්-19 රෝගී තත්ත්වය සඳහා ගුණදායක බව පවසමින් අන්තර්ජාලයේ මේ දිනවල විශාල වශයෙන් සංසරණය වන දේශීය වෙදකම තුළ භාවිත වන අමුද්‍රව්‍ය සහිත ඖෂධ වට්ටෝරු අත්හදා නොබලන ලෙස දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශ සමස්ත මහ ජනතාවගෙන් ඉල්ලා සිටියී.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර මේ බව සඳහන් කර ඇත.

ආයුර්වේදයේ හා දේශීය වෙදකම තුළ රෝග සඳහා ඖෂධ්‍ සකස් කිරීමේ දී ඊට යොදා ගනු ලබන අමුද්‍රව්‍ය පිළිබදව සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය කරුණකි. එම ඖෂධය සඳහා භාවිත කරන්නේ ශාඛයක් නම් එසේ භාවිතා කළ යුත්තේ එම ශාකයේ කුමන කොටස ද යන්න පිළිබද නිශ්චිත අවබෝධයක් ලබා ගැනීම ඉතාමත් වැදගත් වේ.

යම් ඖෂධයක් සකස් කිරීම සඳහා ශාකයක පොතු යෙදිය යුතු අවස්ථාවක එම ශාකයේ ඵල යොදාගැනීම එම ඖෂධ වට්ටෝරුවෙහි නියමිත ගුණය නොලැබෙන අතර, ඒ තුළින් ශරීරයට අහිතකර සංයෝගයන් ඇතිවීමට පවා අවස්ථාව ඇති විය හැකිය.

එබැවින් අප විසින් පාරම්පරිකව භාවිත කරනු ලබන අත්බෙහෙත් වැනි දේවල් හැරුණු කොට අනෙකුත් ආගන්තුක වට්ටෝරු භාවිත කිරීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වමි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස