ප්‍රභූ පවුල් චීන කොරෝනා නිවාරණ එන්නත් විදලා! ජනතාවට ගඟට විසි කරන මිත්‍ය මුට්ටි විතරයි!

November 6, 2020 at 7:12 am | by emanisa.lk

කොරෝනා වෛරස් ආසාදනය වැළැක්වීම සඳහා මෙ රට ප්‍රභූ පවුල්වල කිහිපදෙනකු සඳහා චීනයෙන් ගෙන්වන ලද එන්නතක් විදගෙන ඇති බව සමගින් ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කරයි.

එක් අතකට එන්නතක් සඳහා ඩොලර් 70 බැගින් අත් දෙකට ම ඩොලර් 140ක් වැයකර මෙම එන්නත ප‍්‍රභූ පවුල් කිහිපයක් පමණක් විද ගෙන ඇතැයි ද ඔහු පැවසී ය.

ජනතාවට මිථ්‍යාව පෙන්වමින් ගංගාවලට කළගෙඩි අතහරිමින් සිටියදී ප්‍රභූ පවුල්වල සාමාජිකයන් චීනයෙන් ගෙනැවිත් මෙම එන්නත විදගන්නා බව ද ඔහු කීය.

කෙසේ නමුත් ඕනෑම පුද්ගලයෙකු එන්නතක් විදගැනීම ගැන ප්‍රශ්නයක් නැති බවත් ජනතාවට අවශ්‍ය සහ සෞඛ්‍ය පහසුකම් ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේ ය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස