මෘතදේහ භූමදාන කළ විට කොරෝනා පැතිරෙන බවට විද්‍යාත්මක සාක්ෂි නෑ! භූමදාන අයිතිය දිනාගන්න හකීම් බදියුදීන් සමග එක්විය යුතුයි! – සිලෝන් තවුහිද් ජමාත් නායක අබ්දුල් රාසික් (video)

April 8, 2020 at 11:38 am | by emanisa.lk

කොරෝනා රෝගයෙන් මිය ගිය අයෙකු භූමදානය කිරීම මගින් එම වෛරසය පැතිරීමේ අවධානමක් ඇතැයි ජීව විද්‍යාත්මක සාක්ෂි සහිතව ඔප්පු කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු යැයි සිලෝන් තවුහිද් ජමාද් සංවිධානයේ ප්‍රධානි අබ්දුල් රාසික් පවසයි.

එවැනි අවධානමක් නොමැති නම් මුස්ලිම් ජනතාවට සාම්ප්‍රදායානුකූලව සිය සිරුරු භූමදානය සඳහා අවසර ලබා යුතු බව ද හෙතෙම පවසයි.ඒ සඳහා රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, ඒ.එච්.එම්. ෆවුසි ආදී මුස්ලිම් දේශපාලකයන් සමග සියලු මුස්ලිම් සංවිධාන ද එකතු විය යුතු බව රාසික් පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා මළ සිරුරු ආදාහනය මෙන්ම භූමදානය ද නිර්දේශ කර ඇත්තේ විද්‍යාත්මක පරීක්ෂණයකින් පසුව බව ද හෙතෙම පවසයි.

එසේම රජය දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරමින් කොරෝනා වැළඳී මිය යන සියලු සිරුරු ආදාහනය කිරීම සඳහා නියෝග කළ ද එම සිරුරු නැවත ඊළඟ භවයේ අළු ලෙස නැඟිටීමක් සිදුනොවන බවත් මිය යන අවස්ථාවේ සිටි ආකාරයට නැවත එම සිරුරින්ම නැගිටින බවත් රාසික් පෙන්වා දෙයි.

තෙරුවන යනු මැණික් ගල් තුනක් බවත් බුදුන් වහන්සේ මිනි මස් කෑ බවත් සඳහන් කිරීම නිසා පසුගිය සමයේ මහත් ආන්දෝලයට ලක්වූයේ අබ්දුල් රාසික්ය. අවුරුදු 18ට අඩු දැරියන් විවාහ කරගත නොහැකි ආකාරයට නීති සම්පාදනයට රජය සූදානම් වන විට ද අබ්දුල් රාසික් ඊට එරෙහි විය.

නැඟෙනහිර වෛද්‍ය පීඨයේ හින්දු දෙමළ සිසුවියක පැහැරගෙන ගොස් මුස්ලිම් ආගමට හරවා මුස්ලිම් තරුණයකුට විවාහ කරදීමේ චෝදනාවක් ද ඔහුට එල්ල විය. එම පසුගිය පාස්කු දා කටුවාපිටිය දේවස්ථානයේ දී බෝම්බය පුපුරුවා ගෙන මිය ගිය හස්තුන්ටය. අනතුරුව එම කාන්තාව ද කාත්තන්කුඩියේ දී බෝම්බ පුපුරුවා ගෙන මිය ගියාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස