කොරෝනා ආසාදිතයන් වේගයෙන් ඉහළට! සෞඛ්‍ය පද්ධතියට දරාගන්න බැරිවෙයි! රෝගියෙක් දින 04ක් ගෙදර!

October 30, 2020 at 7:57 pm | by emanisa.lk

කඩුවෙල ඉහළ බෝමිරිය කිරිපට්ටිය පාරේ නිවසක මීට දින හතරකට පෙර කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් තැනැත්තෙකු අද (30) පස්වරුව වන තෙක් රෝහලකට රැගෙන නොයාම හේතුවෙන් නිවැසියන් දැඩි අසීරුතාවට පත්ව ඇත.

එම නිවසේ කුඩා දරුවන් තිදෙනෙකු සහ වකුගඩු රෝගියෙකු ඇතුළු පිරිසක් ජීවත් වන බව රෝගියාගේ බිරිඳ පවසයි.

“අද උදේ කථා කරලා කිව්වා එයාලා වැඩපිළිවෙළක් හදලා තියෙන්නේ කියලා. තාම ඇඳන්වල ප්‍රශ්නයක් තමයි තියෙන්නේ කිව්වා. දැන් පොසිටිව් වෙලා දවස් හතරක්. එහා පැත්තේ ඉන්නවා එළියේ. එළියේ පුටුවක් උඩට වෙලා ඉන්නවා. වෙන ඉන්න තැනක් නෑනේ. රෑට මෙතෙන බිම බුදියනවා. PHI කිව්වා මහත්තයා ගෙනිච්චාම එයාලට කියන්න එතකොට ඇවිල්ලා ගෙදර විෂබීජහරණය කරන්නම් කියලා.”

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේ, විශාල රෝගීන් සංඛ්‍යාවක් හුවමාරු වන බැවින් ඇතැම් ප්‍රමාදයන් සිදුවිය හැකි බව ය.

“පළමුවැනි දේ තමයි රෝගියෙක් හැකි ඉක්මනින් අවශ්‍ය කරන ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවීමට අපි කටයුතු කරනවා. නමුත් ඒකට වාහනයක් ඕනේ. ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ පිරිමි වාට්ටුවක් ද ගැහැණු වාට්ටුවක් ද හිස් වෙන්න ඕනේ. අන්න එවාත් තෝරා ගෙන එතැනට ගෙනියන්න වෙනවා හැකි ඉක්මනින්.

නමුත් මේ වෙලාවේ විශාල රෝගීන් ප්‍රමාණයක් එහාට මෙහාට ගෙනියනකොට පොඩි ප්‍රමාදයක් තියෙනවා. දවස් ගනන් තියා ගන්න කොහෙත්ම බලාපොරොත්තුවක් නෑ. ඒ කාලසීමාව තුළ රෝගීයාවත් ආරක්ෂා කර ගනිමින් අපිත් ආරක්ෂා වෙලා ඉන්න පුළුවන් නම් එක් තමා වැදගත් වෙන්නේ.”

අවසානයේ දින 4කට පසු අද පස්වරුවේ එම රෝගීයා රෝහල්ගත කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස