ඊයේ දවස තුළ කොරෝනා ආසාදිතයන් 541ක්! සමස්ත ආසාදිතයන් 8000ක් වන විට පෑළියගොඩ පොකුර 5000ට කිට්ටුවෙයි!

October 27, 2020 at 6:43 am | by emanisa.lk

ඊයේ දිනය ඇතුළත තවත් කොරෝනා ආසාදිතයන් 541ක් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති. මුලින් රෝගීන් 280ක් වාර්තා වූ අතර අනතුරුව රාත්‍රීය වන විට තවත් රෝගීන් 261ක් වාර්තා වී ඇත.

මේ අතරින් 499 දෙනෙකු මිනුවන්ගොඩ හා පෑළියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වන අතර 42 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩලය වේ.

මේ අනුව ඊයේ (26) වන විට මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 4,939ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව 8,413ක් බවට පත්ව තිබේ.

ඊයේ දහවල් 130 දෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමග ම සුවය ලැබු මුළු පිරිස 3,933ක් බවට පත්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *