මිනුවන්ගොඩ පොලිස් ආපනශාලාවේ සේවකයකුට කොරෝනා!

October 8, 2020 at 12:48 pm | by emanisa.lk

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාවේ සේවය කරනු ලබන 55 හැවිරිදි සිවිල් සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

මේ බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම පුද්ගලයාගේ පුත්‍රයාටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඔහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකි.

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයා කටුනායක, ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස