කොටි තිලීපන් සමරන්න ගිය ශිවාජිලිංගම් පොලිස් භාරයට..

September 15, 2020 at 3:26 pm | by emanisa.lk

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමත්තාගේ 33 වන ගුණ සැමරුම කිරීමට උත්සහ ගත් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් අද (15) උදෑසන කෝපායි පොලීසිය විසින් පොලිස් භාරයට ගෙන ඇත.

හිටපු මන්ත්‍රීවරයා යාපනය උරුම්පිරායි ප්‍රදේශයේදි දිලීපන් නැමත්තාගේ රුව ඇතුලත් බැනරයක් ඉදිරිපිටදී පහන් දැල්වීමට ගත් උත්සහයකදී එම ස්ථානයට ගිය කෝපායි පොලිස් නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන ඇත.

මේ පිළිබඳව කෝපායි පොලීසියෙන් සිදු කරන ලද විමසීමකදී කියා සිටියේ මන්ත්‍රීවරයා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවටත් මහජන සාමය කඩවන අයුරින් ක්‍රියාකරන්නේ යැයි සැක පිට පොලිස් භාරයට ගෙන කෝපායි පොලිස් ස්ථානයට රැගෙනවිත් මහජන සාමය කඩවන අයුරින් ක්‍රියා නොකරන ලෙසට අවවාද කොට මුදා හැරීමට කටයුතු කරන බවටය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමත්තා 1987 සැප්තම්බර් 15 වනදා ඉන්දීය සාමසාධක හමුදාවට එරෙහිව යාපනයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කොට සැප්තම්බර් 26 වනදා මිය ගියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස